Thursday 18th of June 2026

English Tamil
Advertiesment


පාර්ලිමේන්තු පොකුර හැදුවේ කතා නායක


2021-05-31 16037

ආණ්ඩුවට අවශ්‍ය වූයේ මිනී මතින් හෝ "Port City" සම්මත කර ගැනීමටයි 

 

පාර්ලිමේන්තුව කල් තබන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා  

 

මාරාන්තික COVID-19 වසංගතයේ පාර්ලිමේන්තු පොකුර හැදුවේ කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා යැයි ද, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට මුහුණ දී සිටින තත්ත්වයට ඔහු ඍජුව වග කිව යුතු යැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කර සිටියි. කරයි .

කතා නායක කාර්යාලයෙන් ද, පාර්ලිමේන්තු මහා ලේකම් කාර්යාලයෙන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයෙන් ද COVID-19 ආසාදිතයින් පිරිසක් හමු වූ අවස්ථාවේ දී වහාම පාර්ලිමේන්තුව කල් තබන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ තමා ඇතුළු සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන් කතා නායකවරයාගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීම නොසලකා හැරිය බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. 

ඔහු එසේ කළේ ජනතාවගේ මිනී මතින් හෝ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වූ නිසා බවට චෝදනා කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දවසින් දවස ආසාදිතයන් බවට පත් වෙමින් සිටින බව ද සඳහන් කළේය. 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment